මෙරට සිටින වැවිලි ප්‍රජාවට ස්ථීර ලිපින ලබා දෙන්න යැයි ඉල්ලමින් මාවතගම ප්‍රදේශයේ පදිංචි ජීවරත්නම් සුරේෂ් කුමාර් නැමැති අයෙක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
මෙම පුද්ගලයා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ මෙරට වෙසෙන වැවිලි ප්‍රජාවගේ පදිංචිය සඳහා ස්ථීර ලිපිනයක් නොමැතිකමින් ඔවුන්ව මෙරට පුරවසියන් ලෙස නොසලකන බව ප්‍රකාශ කරමිනි.
මෙම පුද්ගලයා විසින් ඉදිරිපත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ , රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන , ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අතුළු පිරිසක් නම් කර ඇති බව සදහන් .
