ඉන්ධන මිල අඩු කිරීමත් සමඟ බස් ගාස්තු 12.9%කින් අඩු කෙරුණ ද ඇතැම් බස් රථ ඊයේ (31) දිනයේදී ද පරණ බස් ගාස්තු අය කළ බවට මගීන් චෝදනා කරන ලදී.
ඒ හේතුවෙන් නව බස් ගාස්තු අය නොකර පරණ බස් ගාස්තු අය කරනවා නම් ඒ සම්බන්ධව පැමිණිලි කිරීම සඳහා 1955 යන ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි කරන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගීන්ගෙන් ඉල්ලා සිටින බව වාර්තා වේ.
