පොලිස් නිලධාරීන්ගේ වැරදි කියන්න දුරකථන අංකයක්.

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිදුකරන පැමිණිලි 118 කෙටි දුරකථන අංකය හරහා සිදුකළ හැකි බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

පොලිස් මාධ්‍ය කොට්ඨාශය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම හදිසි ඇමතුම් අංකය මහජන ආරක්ෂක අමාත්‍යාංශය හරහා පවත්වාගෙන යන බවයි.

එම අංකය හරහා තොරතුරු දැනුම්දෙන්නාගේ අනන්‍යතාව දැනුම්දීමක් සිදුනොකර අදාළ තොරතුරු ලබාදීමට හැකියාව පවතින අතර දිවයිනේ සිදුවන විවිධ අපරාධ, විෂ මත්ද්‍රව්‍ය වැනි තොරතුරු ද එම අංකය හරහා ලබාදිය හැකි බව එම නිවේදනයේ සඳහන් කර තිබේ .

එමෙන්ම එම නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ඒ හරහා ලබාදෙන තොරතුරුවල රහස්‍යභාවය සුරක්ෂිත වන බවයි.

Exit mobile version