ඩෙංගු මාරයාට ජොන්සන්ගෙන් පෙත්තක්.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් සමාගම විසින් ඩෙංගු උණ සඳහා පෙත්තක් නිපදවා ඇති බව වාර්තා වේ.

එම සමාගම ඉදිරිපත් කරන ලද දත්ත වලට අනුව, අමෙරිකාවේ දී සිදුකළ අත්හදා බැලීමකදී රෝගීන් අතලොස්සක් තුළ රෝගය සුව වීමේ ධනාත්මක තත්ත්වයක් පෙන් වූ බවට රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
 
වර්ධනය වන රෝග තර්ජනයක් වන ඩෙංගු රෝගය සඳහා දැනට නිශ්චිත ප්‍රතිකාර නොමැති බවට චිකාගෝ හි ඇමරිකානු නිවර්තන වෛද්‍ය හා සනීපාරක්ෂක සංගමය පවසන අතර එහි වාර්ෂික රැස්වීමේදී මෙම ප්‍රතිකාරවලට අදාළ දත්ත ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version