ඊයේ (29) දහවල් කාලයේ දී පල්ලෙවෙල පොලිස් වසමේ කල්එළිය ප්‍රදේශයේ නිවසක් තුළ ගිනිඅවි නිපදවන බවට ලද තොරතුරක් මත ගිනිඅවි සකස් කරනු ලබන ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනෙක් පල්ලෙවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
එහිදී මෙරට නිෂ්පාදිත ගිනිඅවි යාන්ත්‍රික කොටස් 2ක්, වායු රයිෆලයක්, අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා ලද යකඩ බට, ඊයම් කුට්ටි කිලෝග්‍රෑම් 2ක්, ඩ්‍රිල් මැෂිල් එකක් සහ විවිධ ප්‍රමාණයේ පිහි 5ක් ද සැකකරුවන් සමඟ පොලිස් භාරයට ගෙන තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්එළිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 හා 62 යන වයස්වල පසුවන්නන් ය.
සැකකරුවන් අද (30) අත්තනගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .
