ඇමෙරිකාවේ ගුවන් යානා අනතුරක්.

ඇමෙරිකාවේ ගුවන් පුහුණු සැසියක් අතරතුරේ දී හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම පුහුණු සැසිය ඇලෙස්කාවේ ගුවන් පුහුණු පථය ආශ්‍රිතව සිඳු කර ඇති අතර මෙම ගුවන් යානා දෙක නියමුවන් සමඟ අනතුරට ලක්ව ඇති බව සඳහන්.

එමෙන්ම ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බවත් , නියමුවන් සම්බන්ධයෙන් නිල තොරතුරු ලැබුණු පසු මාධ්‍ය වෙත ලබා දීමට පියවර ගන්නා බවත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කෙරෙන බවත් විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

Exit mobile version