ටෙලිකොම් ආයතනයේ කොටස් පැවරීමට එරෙහිව ටෙලිකොම් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් දෙදෙනෙක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ජුනි මස 15 වනදා තෙක් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට අයත් කොටස් විකිණීම සිඳු නොකරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දුන් බව වාර්තා වේ.
නමුත් මෙම කොටස් පැවරීම සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටි බව සඳහන්.
මෙම නඩුව යළි ජුනි මස 15 වනදා සලකා බැලීම සඳහා කැඳවන ලෙස නියෝග කර තිබේ.
