පොලිස් කොස්තාපල්වරයෙක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට .

වැලිකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයෙකු ඔහුගේ කාමරය තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි දී අද (30) අළුයම හමුව තිබෙන බව වාර්තා වේ .

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි විවාහක පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු ඊයේ (29) රාත්‍රියේ පොලිස් ජංගම නිරීක්ෂණ රාජකාරියේ යෙදී සිටි අයෙක් වන අතර රාජකාරී කටයුතු අවසන් කර තම කාමරය තුළ නින්දට ගිය අවස්ථාවේ මෙලෙස මරණයට පත්ව ඇති බවට අනාවරණය වී තිබේ.

මෙය ඝාතනයක් ද නැතහොත් සිය දිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සඳහන් .

මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ .

Exit mobile version