බෙන්තොට පොලිසියේ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු ගෙළ වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.
22 හැවිරිදි මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා පෙරහැරේ විශේෂ රාජකාරි සදහා කතරගමට පැමිණි අවස්ථාවේදී ගම් උදාව ප්‍රදේශයේ විහාරස්ථානයකදී ගෙල වැළලාගෙන මියගොස් සිටියදී හමුවූ බව සදහන්.
ඔහු සියදිවි හානි කරගන්නා ආකාරය සිය ජංගම දුරකතනයෙන් පටිගත වන අන්දමට සකස් කර තිබූ බව සදහන්.
පෙම් සබදතාවයක් මෙම සියදිවි නසා ගැනීමට හේතුවී ඇති බවට පොලිසිය සැක පළ කරනු ලබයි.
