පොලිස් කොස්තාපල්වරයෙකුට එරාවූර් පොලීස් ස්ථානයේදී වෙඩි වැඩී ඇති අතර ඔහුව ඊයේ (03) ප්‍රතිකාර සඳහා මඩකලපුව රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.
රාත්‍රී ජංගම මුර සේවයේ නිරත වී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තම භාරයේ තිබූ රාජකාරී ගිනි අවිය නැවත භාර දීමට පැමිණීමේදී එම ගිනි අවිය ක්‍රියාත්මක වී එම අවස්ථාවේ ඔවුන් ඉදිරිපිට සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ පාදයකට වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරයි.
