පොලිස් පරීක්ෂකවරයෙකුට බලු ප්‍රහාරයක්.

නාඋල බොබැල්ල ප්‍රදේශයේ පදිංචි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය නාවුල පොලීසියේ කණ්ඩායමක් වෙත එම නිවසේ ඇති කළ සුනඛයකු කඩා පැන පොලිස් පරීක්ෂකවරයෙකුගේ වම් කකුල සපා කා තුවාල සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා දඹුල්ල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.

මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව නාවුල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කණ්ඩායමක් ඊයේ (14) සැකකරුගේ නිවසට ගොස් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව සදහන්.

පොලිස් නිලධාරීන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version