සටහන් පොත් වල අසත්‍ය තොරතුරු ඇතුළත් කර කූඨ ලේඛන සැකසූ පොලිස් සැරයන්වරයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
පොත්තපිටිය පොලිස් ස්ථානයේ උසාවි අවශ්‍ය රාජකාරි කරමින් සිටි මෙම පොලිස් සැරයන්වරයා සැකකරුවන්ගේ විස්තර සහ දඩමුදල් ලබාගත් බවට ව්‍යාජ සටහන් යොදා ඇති බවත් , සැකකරුවන්ගෙන් දඩ මුදල් ලබා ගෙන ඒවා ඔහුගේ පෞද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශවලින් අනාවරණය වූ බව සදහන් වේ.
වැටලීම් සිදු කළ පොලිස් නිලධාරීන් ත්‍යාග මුදල් ලබා ගැනීමට නඩු අංක ඉදිරිපත් කිරීමේ දී මෙම කරුණු අනාවරණය වී තිබේ.
