පොලිස් සැරයන්ට කැති පහරක්.

ඇටවීරගොල්ලෑව මොරගොඩ ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයෙකුට කසිප්පු ජාවාරම්කරු කියන තැනැත්තා විසින් කැත්තකින් කොටා බරපතළ තුවාල සිදු කර ඇති බවට වාර්තා වේ.

නීතිවිරෝධී මත්පැන් සගවා ඇති බවට ඇටවීරගොල්ලෑව පොලිසියට ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරින් ඉලක්ක කරගනිමින් මෙම කැති ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය සදහන් කර තිබේ.

Exit mobile version