පොලිස් වෙඩිතැබීමක්.

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී අපරාධ කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු පොලීසිය වෙඩිතබා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

පේදුරුතුඩුව අල්වායි ප්‍රදේශයේදී එම සැකකරුව අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසියට ප්‍රහාරයක් එල්ලකර ඔහු පළායාමට උත්සාහ ගෙන තිබේ.

එහිදී පොලීසිය විසින් සැකකරුට වෙඩිතබා ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

පොලිස් වෙඩිප්‍රහාරයෙන් තුවාල ලැබූ සැකකරු පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම සැකකරු යාපනය ප්‍රදේශයේදී එල්ලවූ කඩු ප්‍රහාර කිහිපයකට සහ සොරකම් ඇතුළු අපරාධ කිහිපයක සැකකරුවෙකි.

පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version