අද (24) පස්වරුවේ ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් හට පහර දී පළා යාමට තැත් කළ සැකකරුවෙකුට පොලිසිය විසින් වෙඩි තබා ඇති බව වාර්තා වේ.
මෙලෙස පොලිස් වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පසුගියදා දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකදී කඩුවකින් පහර දී පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු හටයි. මොහුව අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී පොලිසියට තියුණු ආයුධයකින් පහර දී පලා යෑමට තැත් කර තිබේ. එම අවස්ථාවේදී මෙලෙස පොලිසිය විසින් සැකකරුට වෙඩි තබා තිබේ.වෙඩි තැබීමෙන් සැකකරුගේ පාදයට තුවාල සිදු වී ඇති බව සඳහන් වේ.