ජනප්‍රිය නළුවෙකු ජීවිතක්ෂයට .

ප්‍රකට බ්‍රිතාන්‍ය නළුවෙකු වන ජුලියන් සෑන්ඩ්ස් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි උතුරු දිග පිහිටි සැන් ග්‍රේබියල් කන්ද තරණය කරමින් සිටියදී පසුගිය ජනවාරි 13 වනදා මොහු අතුරුදහන් වී තිබේ.

ඔහු අතුරුදහන් වූ ස්ථානය බවට සැලකෙන ස්ථානයේ තිබී මිනිස් සිරුරු කොටස් හමුවී ඇති අතර එම කොටස් ඔහුගේද යන්න සම්බන්ධයෙන් නිශ්චිතවම තහවුරු කර ගැනීම සදහා සිදු කරන පරීක්ෂණ ලබන සතිය වන විට නිමකිරිමට අපේක්ෂිත බව සදහන්.

Exit mobile version