අද (22) අලුයම 2 ට පමණ පානදුර නගරයේ දී මෙරට ජනප්‍රිය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය නිළියක් සහ අධ්‍යක්ෂකවරයෙක් අතර ආරවුලක් හට ගෙන ඇති බව වාර්තා වේ .
පානදුර නගරයේ ප්‍රසිද්ධ පාසලක් අසල පිහිටි නිවසක් ඉදිරිපිටදී මෙම ආරවුල සිදුව තිබේ. අදාළ අධ්‍යක්ෂකවරයා මෙම නිළිය මුණ ගැසීම සදහා අද (22) අලුයම 2 ට පමණ මෙම නිවස අසලට මෝටර් රථයකින් පැමිණ තිබේ. ඒ අතරවාරයේ මෙම ආරවුල හටගෙන ඇති බව පානදුර දකුණ පොලිසිය සඳහන් කර තිබේ.
තමා ලක්ෂ 75 කට ආසන්න මුදලක් මෙම නිළිය වෙනුවෙන් වැය කර ඇති බවත් , අද (22) අලුයම ද සිය ජංගම දුරකථනය , ලක්ෂ තුනහමාරක පමණ මුදලක් සහ මෝටර් රථයේ යතුරද ඇය විසින් ලබා ගත් බව පවසමින් අධ්‍යක්ෂකවරයා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර තමන්ට පහර දී මෝටර් රථයේ යතුර අධ්‍යක්ෂකවරයා විසින් ලබා ගත් බව පවසමින් අදාළ නිළිය ද පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ .
කෙසේ නමුත් පැමිණිලි සදහා පොලිසිට වෙත පැමිණ සිටි දෙපාර්ශවයටම කරුණු පැහැදිලි කර දීමෙන් අනතුරුව ඔවුන් විසින් ගොනු කර තිබූ පැමිණිලි ඉල්ලා අස් කරගෙන සිද්ධිය සමථයකට පත්වීමට එකඟ වී ඇති බව වාර්තා වේ.














































