ඉන්දීය සිනමාවේ ජනප්‍රිය ගායිකාවක වන රම්ලා බේගම් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.
එරට මාධ්‍ය වාර්තා කළේ ඇය අද (28) උදෑසන මියගිය බවයි.
1946 වසරේ කේරළ ප්‍රාන්තයේ උපත ලද ඇය කුඩා කල සිටම හින්දි ගීත ගායනා කරමින් සිය සංගීත ගමන ආරම්භ කළ බව වාර්තා වේ.
අනතුරුව ඇය මලයාලම් සංගීත සංදර්ශන රාශියකට සහභාගී වීමෙන් ප්‍රසිද්ධියට පත් වී ඇති අතර කේරළ ප්‍රාන්තයේ පමණක් නොව විදේශයන්හිද සංගීත වැඩසටහන් සඳහා සහභාගී වී තිබේ.
ගීත දහස් ගණනක් ගායනා කර ඇති රම්ලා බේගම් සම්මාන රැසකට හිමිකම් කියන බව සදහන්.
