ම්ලේච්ඡත්වයේ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගැටලුව විසඳීම සඳහා නැඟෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවට ඔහු අවධාරණය කර තිබේ.
පලස්තීන – ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්පයක් නොමැති බව ද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ.
ස්ථිරසාර ස්වාධීන රාජ්‍යයන් දෙකක් ස්ථාපිත විය යුතුය යන ස්ථාවරයේ පිහිටා එක්සත් ජාතීන් ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් එම සාකච්ඡා පැවැත්විය යුතු බවට රුසියානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
