විදුලි කප්පාදුවක් නුදුරේදීම .

පවතින වියළි කාලගුණ තත්ත්වය ඉතා දරුණු ලෙස දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑම හේතුවෙන් නුදුරේදීම යළිත් විදුලි කප්පාදුවක් ප්‍රකාශයට පත්කිරීමට සිදුවන බවට ලංවිම ඉංජිනේරුවන් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

සමනල වැව ජලාශයෙන් ගොවිතැන් කටයුතු සදහා ජලය මුදාහැරීම නිසා දකුණු පළාතට දිනකට පැය 4ක් විදුලිය කපා හැරීමට සිදුවන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

පෞද්ගලික ඩීසල් බලාගාරවලින් විදුලිය ලබා ගනිමින් පැය විසිහතර පුරා අඛණ්ඩව විදුලිය ලබා දෙන පසුබිමක් තුල ,ඉන්ධන මගින් රටේ විදුලි අවශ්‍යතාව සපුරා ගැනීම නිසා මෙම වසරේ ලංවිම පාඩුව රුපියල් කෝටි පන්සියයේ සීමාව ඉක්මවා යන බවද ඉංජිනේරුවෝ පවසා තිබේ.

මේ හේතුවෙන් පවතින නියගය නිසා විදුලිය කපා හැරීම මිස වෙනත් විකල්පයක් නොමැති බවට ඔවුන් අවධාරණය කර තිබේ.

Exit mobile version