පාසල් ආරම්භයට පෙර ඩෙංගු මර්දන වැඩසටහනක්.

පාසල් වාරය ආරම්භ වීමට මත්තෙන් දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් සිදු කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව කොළඹ නගරයේ පාසල් 114ක් ආවරණය වන ආකාරයට ආදර්ශ ඩෙංගු මර්දන පවිත්‍රකරණ වැඩසටහනක් මෙම සති අන්තයේදී ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version