ගැබ්බර ඇතින්නක් වෙඩි තබා ඝාතනය කරලා.

කැකිරාව වෙරුන්කුලම වැව් ඉස්මත්තේ දී ගැබ්බර ඇතින්නක්ව වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ .

ප්‍රදේශයේ පවතින ජල හිඟය හේතුවෙන් වෙරුන්කුලම වැවෙන් ජලය පානය කිරීම සඳහා පැමිණි ඇතින්නක් මෙලෙස ඝාතනයට ලක්වන්නට ඇති බවට සැක පළකෙරේ.

වෙඩි තැබූ පිරිස් සොයා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ කැකිරාව පොලීසිය විමර්ශන සිදුකරන බව සඳහන් .

Exit mobile version