දුම්පානය තහනම් කිරීමට සූදානමක්.

ප්‍රංශයේ පොදු ස්ථානවල දුම්පානය තහනම් කරන බවට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

එරට වසරකට දුම්කොළ ආශ්‍රිත මරණ 75,000ක් සිදුවන බැවින් එය වැළැක්වීමට රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය පවසයි.

සිගරට් මිල ද ක්‍රමානුකූලව මිල වැඩි කරන බවට ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිවේදනය කර තිබේ.

ප්‍රංශය තුළ වෙරළ තීරයේ, පොදු උද්‍යාන, වනාන්තර සහ පාසල් ආසන්නයේ ඇතුළු තවත් පොදු ස්ථාන කිහිපයකම දුම්පානය කිරීම ඉක්මනින්ම තහනම් කරන බවට ඔහු පවසා ඇත.

මේ සඳහා අවනත නොවන අයට දඩ මුදල් අය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version