ජනාධිපති අපේක්ෂකයෙකු ඝාතනය කෙරේ.

ඉක්වදෝරයේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා පෙනි සිටින අපේක්ෂකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ෆර්නෑන්ඩු විලෙවිසෙන්සියෝ නමැති ජනාධිපතිවරණ අපේක්ෂකයා මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු ක්විටෝහි පැවති දේශපාලන රැලියකට සහභාගී වී ඉන් පිටත්ව යාමට මෝටර් රථයකට නැගීමට උත්සාහ කිරීමේ දී හිසට තැබූ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව සදහන්.

වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු ද ආරක්ෂක අංශ විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදි.

ඉක්වදෝරයේ ජනාධිපතිවරණ ඡන්දයේ පළමු වටය ලබන 20 වන දින ආරම්භ වීමට නියමිතව ඇති බව සදහන්.

Exit mobile version