යාපනයේ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්.

ඊයේ (18) රාත්‍රියේ යාපනය , කස්තුරි වීදිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කරන ස්ථානයකට නාදුනන පිරිසක් විසින්  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධියට කිසියම් පෞද්ගලික ආරවුලක් හේතු වන්නට ඇති බව පොලීසිය සැක පල කරයි.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිඳු වී නොමැති අතර වාහන අලුත්වැඩියා කරන ස්ථානයේ තිබූ වාහනයකට හානි සිදු වී ඇති බව සඳහන්.

සැකකරුවන් සොයා යාපනය පොලීසිය විසින් විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

Exit mobile version