සිරඳඩුවම් ලබා සිටින බන්ධනාගාර රැදවියකුට ජංගම දුරකථනයක් ලබාදුන් යාපනය බන්ධනාගාර නියාමකවරයකු අද(16) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
යාපනය බන්ධනාගාරය තුල පෙරේදා දිනයේ සිදුකළ සෝදිසියකදී රැදවියකු සතුව තිබී ජංගම දුරකථනයක් හමුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයා ඇතුළු කණ්ඩායමක් සිදුකළ විමර්ශනයකදී සැකකාර බන්ධනාගාර නියාමකවරයා විසින් ජංගම දුරකථනය රැදවියා හට ලබාදී ඇති බවට අනාවරණය වී ඇතැයිද පොලිසිය පවසයි.
හෙරෝයින් ජාවාරමක් සම්බන්ධයෙන් අධිකරණයෙන් බන්ධනාගාර ගතකොට සිටින රැදවියකු වෙත මෙම ජංගම දුරකථනය ලබාදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් සී.සී.ටි.වී දර්ශන පරීක්ෂා කිරීමෙන්ද සැකකාර නියාමකවරයා රැදවියාට ජංගම දුරකථනය ලබාදෙන අයුරු නිරීක්ෂණය වී ඇති බවත් සඳහන්.