මෙනින්ජයිටිස් හෙවත් මොළයේ උණ රෝගය වැළැක්වීම සඳහා ලබා දෙන එන්නත මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නොමැති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම එන්නත පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට හැකි වුවද ඇතැම් ස්ථානවල අනාරක්ෂිත ලෙස මෙම එන්නත් ගබඩා කර තිබීම නිසා ගැටලු නිර්මාණය විය හැකි බව සඳහන් වේ.
මෙම මොළයේ උණ රෝගය පවතින රටවල් සඳහා පිටත්ව යන විට දී වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ එන්නත් මධ්‍යස්ථාන මඟින් අදාළ එන්නත ලබා දීම සිදු කරන බවත් , මෙම රෝගය වැළදුණු පුද්ගලයින් මෙරටට පැමිණියහොත් විශාල ගැටලුවක් උද්ගත වන බවත් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කර තිබේ.
