ජාත්‍යන්තර ඕසෝන් දිනය වෙනුවෙන් වැඩසටහනක්.

ජාත්‍යන්තර ඕසෝන් දිනය හෙට (16) දිනට යෙදී ඇති බව වාර්තා වේ.

“ඕසෝන් වියන පිළිසකර කරමු දේශගුණ විපර්යාස අවම කරමු” යන්න මෙවර එහි තේමාවයි.

එහි සැමරුම් උත්සවය පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ ප්‍රධානත්වයෙන් අද (15) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ බව සඳහන්.

1985 වසරේ මාර්තු 22 වැනිදා ඕස්ට්‍රේලියාවේ වියානා නුවරදී පැවැත්වුණු ඕසෝන් වියන රැක ගැනීමේ සම්මුතියේදී රටවල් 28ක එකගතාවයෙන් මෙලෙස ඕසෝන් වියන රැක ගැනීම සඳහා වන ජාත්‍යන්තර දිනය නම් කර තිබේ.

Exit mobile version