එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහයෙන් පෙට්‍රල් ත්‍රීරෝද රථ ,විදුලි ත්‍රීරෝද රථ බවට පරිවර්තනය කිරීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කළ බවට වාර්තා වේ.
විෂයභාර අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රයෙහිදී මෙය ආරම්භ කර තිබේ.
මේ නියමු ව්‍යාපෘතිය සදහා පෙට්‍රල් ත්‍රීරෝද රථ 200ක් විදුලි ත්‍රීරෝද රථ බවට පත් කිරීම සිදුවන අතර ඒ සදහා බස්නාහිර පළාතේ පිටකොටුව සහ මාකුඹුර යන ප්‍රදේශවලින් ත්‍රීරෝද රථ 100 බැගින් තෝරා ගැනීමට නියමිත බව සදහන්.
