ජනපතිගෙන් ගීතාට යෝජනාවක්

ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද “Women Plus Bazaar 2023” ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ විය.කොළඹ පිහිටි ඊජිප්තු අරාබි ජනරජයේ තානාපති කාර්යාලය, කොළඹ මහ නගර සභාව, කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා ජාතික ශිල්ප සභාව එක්ව සංචාරකයන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත. විදේශීය පාරිභෝගිකයන් සඳහා මෙවැනි දේශීය අත්කම් භාණ්ඩ අලෙවි කිරීමට ගාල්ල ප්‍රදේශයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා සුදුසු ගොඩනැඟිලි භූමියක් සොයාබලන ලෙස ජනාධිපතිවරයා මෙහිදී කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මියට උපදෙස් ලබා දී තිබේ.

දිවයින

Exit mobile version