කිරි , බිත්තර , මස් හදන්න ඉන්දීය ආයෝජකයින් තිදෙනෙක්ගෙන් රජයට යෝජනාවක්.

මෙරටදීම කිරි, බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දියාවේ ආයෝජකයින් තිදෙනෙක් රජයට යෝජනා ඉදිරිපත් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගන්නෝරුව සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

“බිත්තර, කුකුල් මස් කර්මාන්තය වෙනුවෙන් විදෙස් ආයෝජන කිහිපයක් පිළිබඳ අපිට දැනුම්දීලා තියෙනවා. ඒ අයගේ ආයෝජන පිළිබඳ අපි සොයා බැලීමක් කරනවා. ඒක සාර්ථක නම් ඒ කටයුත්ත කරන්න ඉඩ දෙනවා. මොකද අපිට ඕනේ රටට අවශ්‍ය දේවල් රටේම හදාගෙන මේ රටේ ජනතාවට දෙන්න. ලංකාවේ අය කරනවා නම් අපි වැඩිය කැමති. ලංකාවේ අය සම්බන්ධ වෙන්නේ නැතිනම් විදේශිකයෙක් හරි ඇවිල්ලා ආයෝජනය කරනවා නම් අප ඒක කරනවා. රටින් බිත්තරයි මසුයි ගෙනවාට වඩා හොඳයි නේ ලංකාවෙම හදලා දෙන එක. කිරි කර්මාන්තයටත් ඉන්දියාවේ අමූල් සමාගම ඉදිරිපත් වෙලා තියෙනවා. අපිට ඕන කරන කිරි, මස්, බිත්තර අපේ රටේම හදන්න අපිට ඕන. වැඩිපුර නිෂ්පාදනය කරලා අපනයනය කරන්නයි අපේ ඉලක්කය.”

Exit mobile version