කැළණිය සරසවියේ විරෝධතාවක් .

ඊයේ (27) රාත්‍රියේ කැළණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට මහා ශිෂ්‍ය සංගමය විසින් විරෝධතාවක් පැවැත්වූ බව වාර්තා වේ.

අත්අඩංගුවේ පසුවන කැළණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වන දිල්ෂාන් හර්ෂණ යන අයව කඩිනමින් නිදහස් කරන ලෙස ඉල්ලමින් මෙම විරෝධතාව පවත්වා ඇති අතර සරසවිය අවට ආරක්ෂාව තර කර තිබූ බව සඳහන් වේ.

එමෙන්න එම ස්ථානයට ජල ප්‍රහාරක රථ ද කැඳවා තිබු බවත් , සිසුන් විරෝධතාව දැක්වීමෙන් අනතුරුව රාත්‍රී 11 ට පමණ විසිර ගිය බවත් වාර්තා වේ .

Exit mobile version