වැල්ලවාය අධ්‍යාපන කලාපයට අයත් හදපානගල ඇතාදුටුවැව විදුහලේ ගුරු හිගයට පිළියම් ඉල්ලා එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් අද (28) විරෝධතාවක නිරත වූ බවට වාර්තා වේ.
වැල්ලවාය කොට්ඨාස අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාවය පැවැත්වූ අතර පාසලේ ප්‍රමාණවත් තරම් ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් දරුවන් ගැටලු රැසකට මුහුණ පා ඇති බව මෙහිදී දෙමව්පියන් සදහන් කර තිබේ.
