ක්‍රීඩා ඇමති වෙනුවෙන් සජිත්ගෙන් ප්‍රශ්නයක් .

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ වටලන්න පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ විභාග කරන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවසූ බව වාර්තා වේ.

ක්‍රීඩා ඇමැතිගේ බලතල කප්පාදු කිරීමට කැබිනට් තීරණයක් ගෙන තිබෙන බවත් ක්‍රීඩා පනත හරහා ක්‍රීඩා ඇමතිට අතුරු අතුරුකමිටු ආදිය පත් කිරීමට බලය ලැබී තිබෙන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

පනතින් බලය දී තිබියදී එතුමාට තීන්දු තීරණ ගැනීමට කැබිනට් අනුමැතිය ගත යුතුදැයි සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර තිබේ.
 

Exit mobile version