සිංගප්පූරුවේ මිය ගිය කාන්තාව ගැන කඩිනම් විමර්ශනයක්.

සිංගප්පූරුවේදී මහල් නිවාසයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ ගෘහ සේවිකාව සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිඳු කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්‍යාංශය කටයුතු කර ඇති බවත් , එහි සභාපති හිල්මි අසීස් මහතාගේ උපදෙස් පරිදි අදාළ විමර්ශනය සිඳු කරන බවත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාධ්‍ය ප්‍රකාශක සෙනරත් යාපා මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව එම ගෘහ සේවිකාවගේ දේහය අද (20) දිවයිනය රැගෙන ඒම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version