දුම්රිය සංගමයක් හෙට වර්ජනයක.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙට වර්ජනයක නිරත වීමට දුම්රිය ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය තීරණය කර ඇති බව වාර්තා වේ.

දුම්රිය පාලනාධිකාරිය වෙත දැනුම් දෙමින් මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදුකරන බවට එම සංගමය ප්‍රකාශ කර තිබේ.

වසර 5කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කරන ලෙසට දීර්ඝ කාලයක සිට ඉල්ලා සිටියද ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් සංගමය මෙම වර්ජනය ක්‍රියාත්මක කරනු ලබයි.

Exit mobile version