රුසියාව සමඟ පවතින යුද්ධය හේතුවෙන් යුක්‍රේනයේ නගර දෙකක ප්‍රධාන ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව යුනිස්කෝ සංවිධානය පෙන්වා දී ඇති බව වාර්තා වේ .
මෙම ඓතිහාසික ස්ථාන අතරට නගරයේ පිහිටි මධ්‍යතන යුගයට අයත් ශාන්ත සොෆියා ආසන දෙව්මැදුර සහ විශේෂිත ආරාම භූමියක් මෙන්ම යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බටහිර ලිවිව් නගරයේ ඓතිහාසික මධ්‍යස්ථානය එක් කර තිබේ .
එමෙන්ම මීට අමතරව මෙම අනතුරුදායක ලැයිස්තුවට යුනෙස්කෝ ලෝක උරුම කමිටුව විසින් ඔඩේසා වරාය නගරය ද එක් කර තිබේ .
