නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක්.

චීන ආයෝජනයක් ලෙස දෛනිකව බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි නවීන තාක්ෂණයෙන් යුත් පිරිපහදු මධ්‍යස්ථානයක් මෙරට ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං ප්‍රකාශ කළ බවට වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ දැනට ඇති බොරතෙල් පිරිපහදුව ඉතා පැරණි එකක් වූ බැවින් නව පිරිපහදුව විවෘත කිරීමෙන් පසු මෙරට ඉන්ධන බෙදාහැරීම් ක්ෂේත්‍රයේ වෙනස්කම් රැසක් සිදුවනු ඇති බවට චීන තානාපතිවරයා ඊයේ (27) මල්වතු -අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටු අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.

Exit mobile version