දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු සිරභාරයෙන් පලා ගිහිල්ලා.

දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු පල්ලකැලේ කුණ්ඩසාල එළිමහන් සිර කදවුරෙන් පලා යමින් සිටියදී ගම්පහ ඉහළගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‍යාංශයේ නිලධාරීන් විසින් අදාළ සැකකරුගේ හැසිරීම නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන ඇති අතර තමා සිරභාරයෙන් පලා ආ බව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර තිබේ.

මොහු ගම්පහ ප්‍රදේශයේ නිවසක්ද කොල්ල කා ඇති බව පසුව අනාවරණය වී තිබෙන අතර සැකකරුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .

Exit mobile version