මෙම වසර අවසන් වීමට පෙර ජනතාවගේ ජීවන බර අඩු කිරීමට අංශ කිහිපයකින් සහන පැකේජයක් ලබා දීමට රජය පියවර ගන්නා බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව මෙම වසරේ ඉදිරි මාස හය ඇතුළත මෙම පැකේජය ලබා දෙන දෙන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව විදුලි බිල ඉදිරි මාස දෙක ඇතුළත අඩු කරන අතර ඉන්ධන මිල මෙන්ම ගෑස් මිලද තවදුරටත් ඉදිරියේදී අඩු කරන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කළ බව සදහන්.
එමෙන්ම අඩු ආදායම්ලාභී පවුල් සදහා එක් මසකට එක් පවුලක් සදහා රුපියල් 3000, 5000, 8000 හා රුපියල් 15,000 බැගින් වූ මුදලක් ජීවනෝපාය සංවර්ධනය සදහා ඔවුන්ගේ ගිණුම් වලට බැර කිරීමට මෙන්ම ජනතාව ඉල්ලා සිටි බදු සහන ලබා දීමටද රජය තීරණය කර තිබෙන බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.
