නැගෙනහිර හිටපු ආණ්ඩුකාරිය සමඟ තවත් සංවිධානයක් පිපෙයි. ( වීඩියෝ )

 “සුවපත් දේශයක් බිහි කරමු” යන තේමාව යටතේ නැගෙනහිර හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ නායකත්වයෙන් දේශපාලන සංවිධානයක් ඊයේ ( 03 )මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දී ඇරඹිණි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන කරුණු වලදී ඒ වෙනුවෙන් පෙනී සිටීම,ආර්ථික සංවර්ධනය,තිරසාර සංවර්ධනය ,පරිසරය ආරක්ෂා කිරීම ,සමාජ සවිබල ගැන්වීම යන කරුණු වලදී ජනතාව පෙලගැස්වීම අරමුණු කර ගනිමින් මෙම සංවිධානය ආරම්භ කරන බවයි අනුරාධා යහම්පත් මහත්මිය එහිදී සදහන් කළේ .

ශ්‍රී දළදා මාළිගාවේදී ආගමික වතාවත්වල නිරත වූ එම සංවිධානයේ ක්‍රියාකාරීන් අනතුරුව පත්තිරිප්පුව අසලදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය කියවා ප්‍රතිඥාවක් ලබා දුන්හ.
ඉන් අනතුරුව අනුරාධා යහම්පත් මහත්මිය ඇතුළු පිරිස අස්ගිරි මහා විහාරස්ථානය වෙත ගොස් අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් මුණගැසී උන්වහන්සේට එම ප්‍රතිඥාව පිළිගැන්වූහ.

සරත් සමරනායක

Exit mobile version