ක්‍රිකට් ලෝක කුසලානයේ ත්‍යාග මුදල් ගැන හෙළිදරවිවක්.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 05 වැනිදා ඉන්දියාවේ දී ඇරඹීමට නියමිත ව ඇති බව වාර්තා වේ.

එහි දී ඊට සහභාගි වන කණ්ඩායම් 10, එකිනෙකා තරග කරන අතර, ඉන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 04 අවසාන පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇති බව සදහන්.

මේ අතර, මෙවර තරගාවලියේ මුළු ත්‍යාග මුදල් ඩොලර් මිලියන 10ක් බව වාර්තා වේ.

ඉන් ශූරතාව දිනාගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 04ක් පිරිනැමෙන අතර, අනුශූරයන්ට ලැබෙන මුදල ඩොලර් මිලියන 02කි.

Exit mobile version