සංගීතයක් අස්සේ වලියක්.

පාලින්දනුවර මහජන ක්‍රීඩාංගනයේදී පැවති  සංගීත සංදර්ශනයක් අවසන් වීමෙන් පසු අද (26) අලුයම 2.45 ට පමණ  බදුරලිය ජී.එස්. මාවතේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ අයෙක් රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.

තරුණියකට සිදු කළ බව කියන අනවශ්‍ය විහිළුවක්  මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇති බව සඳහන්.

පොලීසිය පවසන්නේ පාලින්දනුවර හිටපු ප්‍රාදේශීය සභාපති ධම්මික රණසිංහ මහතා සහ තවත් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බවයි.

අනතුරුව තුවාලකරු බදුරලිය රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Exit mobile version