ඉදිරියේ දී මාතෘ හා ළමා සෞඛ්‍ය බිදවැටීමේ අවධානමක්.

රට තුළ පවතින පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හිඟය හේතුවෙන් ඉදිරියේ දී මාතෘ හා ළමා සෞඛ්‍ය බිඳවැටීමේ අවධානමක් පවතින බවත් , මේ වන විට රට තුළ 3,000ක පමණ පවුල් සේවිකාවන්ගේ හිඟයක් පවතින බවත් , මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ ද මෙතෙක් ඊට විසඳුම් ලැබී නොමැති බවත් රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ දේවිකා කොඩිතුවක්කු මහත්මිය,

මේ වනවිට දිවයින පුරා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ 3,000කගේ පුරප්පාඩු තියෙනවා. මේ විදියට ගියොත් දිගින් දිගටම පවුල් සෞඛ්‍ය සේවාවේ පුරප්පාඩු තව තවත් වැඩිවෙන්න ගියොත්, බඳවා ගැනීම් සිද්ධ නොවුණොත් මේ රටේ මාතෘ හා ළමා සෞඛ්‍ය බිඳ වැටෙනවා. මේ සෞඛ්‍ය සේවාව බිම්මට්ටමේ ගෙයින් ගෙට යන සෞඛ්‍ය නිලධාරිනියන්ගේ හිඟයක් ඇති වෙලා මේ සේවාව බිඳ වැටුණොත් අනිවාර්යයෙන්ම මාතෘ හා ළමා සෞඛ්‍ය බිඳවැටෙනවා. මේ දක්වාත් බිඳවැටෙනවා කියන එක අපි අවධාරණය කරනවා. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ වගකීමක් වෙනවා හැකිතාක් ඉක්මනින් පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් බඳවා ගැනීම.”

Exit mobile version