කුහුඹු පැණියාට සමුදෙන්න ජනගඟක්.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අති විශාල ජනකායක් ඔහුගේ රාගම කඩවත පාරේ නිවෙසට පැමිණි බව වාර්තා වේ.

බලංගොඩ මෛත්‍රීමුර්ති හිමි ඉඳුරාගාරේ ධම්ම රතන හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය නිවෙසේදි බෞද්ධ ආගමික වතාවත් පැවැත්වීමෙන් පසු කතෝලික ආගමට අනුව ආගමික වතාවත් සිදු කරනු ලැබූ බව සදහන්.

ජැක්සන් ඇන්තනී මහතා ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ආගමික නායකයෝ, කලාකරුවෝ, දේශපාලනඥයෝ ඇතුළු බොහෝ පිරිසක් ඔහු ගේ නිවසට පැමිණ සිටි බව සදහන්.

රංගන ශිල්පියෙකු, ගී පද රචකයකු, ගායකයෙකු, ලේඛකයෙකු , නිවේදකයෙකු මෙන්ම ඉතිහාස විශ්ලේෂකයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද ලෙස ජැක්සන් ඇන්තනී මහතා කටයුතු කර තිබේ

Exit mobile version