අධික වර්ෂාවත් සමග ගල් පෙරලීමේ අවදානම මත කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල විකල්ප මාර්ගය නැවත දැනුම් දෙන තෙක් වසා දමා ඇති බවට වාර්තා වේ.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ඉල්ලීම මත කෑගල්ල පොලිසියේ රථවාහන අංශය මගින් කෑගල්ල විකල්ප මාර්ගය මේ වන විට වසා දමා ඇති බව සදහන්.
මෙම ප්‍රදේශයට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවදුරටත් වර්ෂාපතනය පවතී නම් එම ප්‍රදේශයේ ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවට දැනුම් දී තිබේ.
