ආයුධ පෙන්වා මුදල් සහ රන්බඩු කොල්ලකෑමක්.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවයේ නියුතු සාමාන්‍ය අධිකාරිවරයෙකුගේ නිවසට ඇතුළු වූ නාදුනන පුද්ගලයෙකු රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා ඇති බව වාර්තා වේ.

පිහියක් රැගෙන නිවසට ඇතුළු වූ නාදුනන පුද්ගලයා නිවැසියන් බිය ගන්වා ඇමරිකානු ඩොලර් 10400ක්, ශ්‍රී ලංකා මුදල් රුපියල් පනස්පන් ලක්ෂ පනස් දාහක් සහ රන් භාණ්ඩ පැහැර ගෙන ගොස් ඇති බව සදහන්.

සැකකරු සොයා බොරලැස්ගමුව පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබේ.

Exit mobile version