රබර් අත් මේස් කර්මාන්ත ශාලාවක් ගිනි ගනී.

දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.

හදිසියේම මෙම ගින්න හටගෙන ඇති අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න නිවීම සදහා කටයුතු කරනු ලැබුවත් මහා ගිනිදැල් පාලනය කිරීම සඳහා වතුපිටිවල ආයෝජන කලාපයේ ගිනි නිවන රථ දෙකක් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්ද කැඳවීමට පියවර ගනු ලැබීය.

වරින් වර ගින්න මැඩ පැවැත් වුවත් අද(28) අලුයම වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී නොතිබුණි.

ගින්න හේතුවෙන් කිසිවකුට තුවාල හෝ ජීවිත හානි සිදුවීම සම්බන්ධයෙන් අද අලුයම වන විටත් වාර්තා වී නොතිබූ බව සදහන්.

Exit mobile version