පාස්කු සතිය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවත් මේ සඳහා පොලිසියට අමතරව පොලිස් විශේෂ කාර්‍ය බලකාය සහ යුද හමුදාව කැදවීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය අය සිහි කිරීම සඳහා එළැඹෙන නව වනදා දිවයින පුරා කිතුනු දේවස්ථාවල විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිත බව ද සඳහන්.
