සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේශ් මහතා පස්සර සංවිධායක ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.
අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේ දී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙලෙස අදාළ ඉවත්කිරිම සිදුකර ඇති බව සදහන්.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වඩිවෙල් සුරේශ් මහතා සදහන් කළේ පස්සර ප්‍රදේශයේ තරුණ තරුණියන්ට දේශපාලනයේ විශාල බලාපොරොත්තුවක් ඉදිරියේ දී හිමිවනු ඇති බවයි.
මේ අතර සමගි ජනබලවේගයේ පස්සර නව සංවිධායකවරයා ලෙස ලෙත්චුමන් සංජය මහතා පත් කර තිබේ.
ඔහු සිය පත්වීමේ ලිපිය සජිත් ප්‍රේමදාස මහතා අතින් ලබාගත් බව වාර්තා වෙයි.
